May 19, 2024

"දූෂණය අඩු කළා නෙවෙයි නැති කළා" - මුදල් ඇමති

යහපාලන ආණ්ඩුව යටතේ සිදු කළේ දූෂණය අඩු කිරීම නොව දූෂණය තුරන් කිරීම බවත් දූෂිත ව්‍යාපෘතිවලට යෙද වූ මුදල් ජනතාවගේ සාක්කුවට යන වැඩපිළිවෙළ ආරම්භ වී ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,  

"එදා සුදු වෑන්වලට, ජීවන වියදමට දැනුණු බය දැන් නැහැ. අද මිනිස්සුන්ගෙ හිනාවෙන් පේනවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා කියලා. පොරොන්දු 100 යෙන් 81 ක් ක්‍රියාමක කළේ මගේ අමාත්‍යාංශය හරහා. අපි ඒවා කළේ කොහොම ද කියලා දැන් හැමෝටම ප්‍රශ්නයක්. අපි දූෂණය අඩු කළා නෙමෙයි නැති කළා. බොරු ව්‍යාපෘති අපි ළඟ නෑ. ඒවා අපි ජනතාවට සහන වශයෙන් දෙනවා.“ 

“අපි ලක්ෂ 10 ක් රැකියා දෙනවා. ලංකාවෙ ආයෝජනය වැඩි කරලා තමයි අපි විදේශීය ආයෝජනය ගේන්නෙ. ඉතිහාසෙ වැඩියෙන්ම අයෝජන වැඩි වුණේ පසුගිය මාස 06 තුළ. එදා ව්‍යාපෘතියක් ආරම්භ කරන්න රජ පවුලෙ කෙනෙක් අල්ලගන්න ඕනි. දැන් එහෙම නෑ. ඒ තමයි අපි ඔබට දීපු වරප්‍රසාද. අපේ ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් නෑ. කිසිම රටකට අපේ ආණ්ඩුව සල්ලිවලට ගන්න බෑ. හිටපු ආණ්ඩුවේ හෙන්චයියො ටිකක් තාමත් ඉන්නවා. අගෝස්තු 17 අපේ ආණ්ඩුවෙන් අපි ඒකත් වෙනස් කරනවා. අපි බල්ලාගේ වැඩේ බූරුවට කරන්න දෙන්නේ නෑ. පොලීසියෙ වැඩේ උසාවියටත්, උසාවියෙ වැඩේ පොලීසියටත් අපි දෙන්නෑ." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)