May 19, 2024

මෛත්‍රී සන්ධාන නායකයින් සමග දීර්ඝ සාකච්ඡාවක් - සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපතිට (PHOTOS) 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය  එක්සත් ජනතා නිදහස් සන්ධාන සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දි සිදුවිය.

"අනාගතයට සහතිකයක් " තේමාව කොටගත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අනාගත සන්ධාන ආණ්ඩුවක් යටතේ රටේ ඉදිරි පස් වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ ආර්ථීක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සන්ධාන නායකයින් මෙහිදි ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල පිටපත එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර එහි දමිළ පිටපත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන මහතා විසින් පිළිගැන්වීය.

මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, එච්.එම් ෆවුසි, ඩිව් ගුණසේකර යන මහත්වරුන් සහභාගි වී සිටියහ.

( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 July 2015 12:04