May 07, 2024

ජාතික පාසල් 110ක විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩුවක්

දිවයින පුරා ජාතික පාසල්වල විදුහල්පතිවරුන් 110 දෙනෙකු සඳහා පුරප්පාඩු පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ අනුව විභාගයක් පවත්වා ඉන් ලබා ගන්නා ලකුණු සැලකිල්ලට ගෙන විදුහල්පතිවරුන් තෝරා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසී ය.

නව විදුහල්පතිවරුන් බඳවා ගැනීමෙන් පසු දැනට පවතින විදුහල්පති හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

Rate this item
(0 votes)