May 07, 2024

දෙමළ සන්ධානයට තනි තීරණ ගන්න බෑ - මුස්ලිම් කොංග්‍රසය

මෙරට ජාතික ගැටළුව සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමේදී ඒ පිළිබඳව තනි තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානයට හැකියාවක් නොමැති බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

ජාතික ගැටලුව සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරිමට දෙමළ ජාතික සන්ධානයට ඇති අයිතිය පිළිගන්නා නමුත් මෙරට ජාතික ගැටළුවට විසඳුම් ලබා ගැනීමේදී දෙමළ ජාතික සන්ධානය මෙරට මුස්ලිම් නායකයන් හා සාකච්ඡා කිරිම අනිවාර්ය බව ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා පැවසී ය.

Rate this item
(0 votes)