May 06, 2024

මැ.කො අද පක්ෂ නිත්‍ය නියෝජිතයින් හමුවෙයි 

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා සහ දේශපාලන පක්‍ෂවල නිත්‍ය නියෝජිතයින් අතර අද (28) රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදි විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

එක් එක් දේශපාලන පක්‍ෂය සදහා සිය අදහස් ඡන්ද දායකයන් වෙත සන්නිවේදනය කිරීම වෙනුවෙන් රූපවාහිනි සහ ගුවන් විදුලි කාලය වෙන්කරදීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති  බව වාර්තා වේ.  

මේ අතර මැතිවරණ පැමිණිලි විමර්ශනය සදහා වූ දේශපාලන පක්‍ෂවල නිත්‍ය නියෝජිත කමිටුවේ රැස්වීමක්ද අද පැවැත්වීමට නියමිතය. 

මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් භාවිත කරන නිල වාහන ප‍්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීමේදී බලපැවැත්වෙන සීමා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරේ.

 

Rate this item
(0 votes)