May 06, 2024

ඡන්දය දැමීමට පෞද්ගලික අංශයට නිවාඩු ගන්න පුළුවන් මෙහෙමයි 

ඉදිරි මහ මැතිවරණයට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ලබන 17 වැනිදා පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අඩුවීමකින් තොරව නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටී.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වැනි වගන්තියට අනුව සේවා යෝජකයන්ගෙන් කොමසාරිස්‌වරයා එම ඉල්ලීම කර ඇත.

ඒ අනුව ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්‌ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර කිලෝ මීටර් 40 ට අඩු නම් දින භාගයක්‌ද, කිලෝමීටර් 40 ත් 100 ත් අතර නම් එක්‌ දිනක්‌ද, කිලෝ මීටර් 100 ත් 150 ත් අතර නම් දින එකහමාරක්‌ ද, කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක්‌ ද ලබා දිය යුතු බවත් දිවයිනේ ඇතැම් ඡන්දදායකයන්ට ඡන්ද පොළට යාමට හා ආපසු ඒමට දින 03 ක්‌ ගත වන අවස්‌ථාවන්ද තිබෙන බැවින් අවස්‌ථානෝචිතව දින 03 ක්‌ නිවාඩු ලබාදීමට සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)