May 07, 2024

'කන්තලේ සීනි කම්හල' ඉන්දියාව සමග යළි අරඹයි

අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයක්‌ සිදුකරමින් ඉන්දියානු සමාගමක්‌ වන ශ්‍රීපාද ලිංග්ගේෂ්වර් සමාගම සමග එක්‌ව කන්තලේ සීනි සමාගම නැවත ආරම්භ කිරීමේ ගිවිසුමට ඊයේ(27) අත්සන් තැබිණි.

රජයට 51% ක කොටස්‌ හිමිකාරිත්වය සහ ඉන්දියානු සමාගමට 49%ක කොටස්‌ හිමිවන මෙම ආයෝජනය සම්පූර්ණයෙන්ම සිදුකරනු ලබන්නේ ඉන්දියානු සමාගම විසිනි. 

වසරකට සීනි මෙට්‍රික්‌ ටොන් 72000 ක්‌ නිෂ්පාදනය කිරීමට මෙම සමාගම බලාපොරොත්තු වන අතර මුල් අවස්‌ථාවේදීම රැකියා 1220ක්‌ ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙනු ඇත.

මේ සම්බන්ධයෙන් ආයෝජන ගිවිසුම ඊයේ (27) ගලධාරි හෝටලයේදී අත්සන් කෙරුණු බව ආයෝජන මණ්‌ඩල සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 July 2015 07:42