May 19, 2024

මහින්දගේ සුනාමි අරමුදල් වංචාව හෙළි කිරීමට රංජන් සූදානම්! (AUDIO)

හිටපු ජනපති හා එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා විසින් තමා ඇතුළු පස්දෙනෙකුට එන්තරවාසි එවීමට ගෙන ඇති තීරණය පිලිබඳ ඉතා ප්‍රීතියට පත්වෙන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
 
ඒෂියන් මිරර් හා සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ රාජපක්ෂ මහතා විසින් සිදුකර ඇති දූෂණ, වංචා පිලිබඳ හෙළිදරව් කිරීමට ලැබෙන එම අවස්ථාව තමා ඉතා සතුටින් බාරගන්නා බවයි.
 
රාජපක්ෂ මහතාට විරුද්ධව තමා විසින් එල්ල කර ඇති චෝදනා ඔප්පු කිරීමට තමා සතුව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව පැවසූ රාමනායක මහතා එන්තරවාසි එවමින් තම වංචා, දූෂණ වලට එරෙහිව හඬ නගන පුද්ගලයන් නිහඬ කරවීමට රාජපක්ෂ මහතා ගන්නා උත්සාහය හමුවේ බිය නොවන බවද පැවසීය.
 
මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීම යටතේ රන්ජන් රාමනායක, අනුර කුමාර දිසානායක,මංගල සමරවීර හා සුනිල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පස් දෙනෙකුට එන්තරවාසි එවීමට තීරණය කර ඇතැයි රාජපක්ෂ මහතාගේ නීතීඥවරු ඊයේ (26) දින පවසා සිටියෝය.
 
එයට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ උසාවියේදී මුහුණට මුහුණ ලා හමුවීමට තමාද ඉතා කැමැත්තෙන් පසුවන බවය.
Rate this item
(0 votes)
Last modified on Monday, 27 July 2015 15:51