May 19, 2024

වටරැක හිමිට එරෙහි ඥානසාර හිමිගෙන් පැමිණිල්ලක්

නව සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාවේ දී එම පක්ෂයෙන් තරග කරන අපේක්ෂක වටරැක විජිත හිමි ජාතික කොඩිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට විරුද්ධව පොලිස් මූලස්ථානයට අද (27) පැමිණිල්ලක් භාර දීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

වටරැක විජිත හිමියෝ ජාතික කොඩිය ගිනි තැබිය යුතු යැයි ද එය ජාතීන් අතර අසමගිය ඇති කරතියි ද යනුවෙන් දැඩි විවේචනයක් පසුගිය දා සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි පොලීසිය සඳහන් කරයි.

කෙසේ වුව ද රජය මගින් මේ පිළිබඳ දැඩිව ක්‍රියාමාර්ග ගත යුතු ව තිබුණ බව ඥානසාර හිමියෝ ඒෂියන් මිරර් වෙත සඳහන් කළහ.

 

Rate this item
(0 votes)