May 19, 2024

ජනපති දිවයිනට 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලදිවයිනේ සංචාරය නිමකර අද (27) පෙරවරු 11.20 ට දිවයිනට පැමිණියේය.

මාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළෙල ඉතා අභිමානවත් අයුරින් ඊයේ (26) පස්වරුවේ මාලේ අගනුවර Darubaruge සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.

සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගත්තේය.

නිදහස් දින උත්සවයට සහභාගී වී සිටි සෙසු රාජ්‍ය නායකයින් සමගද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.

ටී.කේ.ජී කපිල

Rate this item
(0 votes)