May 19, 2024

'ආරක්ෂාවට අඩු සැළකිලි! රට ආපසු යුද්ධයකට යාවි!' - ගෝඨාභය (VIDEO)

වත්මන් මෛත්‍රී - රනිල් රජය රටේ ආරක්ෂාව වෙනුවෙන් දක්වන්නේ ඉතා අඩු සැළකිල්ලක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (26) බණ්ඩාරගම දී පැවැත්වුණු උත්සවයක දී ය. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ කළුතර දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක ලලිත් එල්ලාවල මහතාට හරසර පිදීම උදෙසා මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන අතර පෝස්ටර් ඇලවීමේ සිට නීතිය නොසලකා හරින තත්ත්වයක් උදා වී ඇති බව යි.

1980 දීත් උතුරේ මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් මේ අයුරින් රටේ ආරක්ෂාව ගැන නොසලකා ක්‍රියා කළහොත් යළිත් නොදැනුවත්වම රට යුද්ධයකට ඇද වැටෙනු නියත බවත් ඔහු අවධාරණය කළේ ය.

වීඩියෝව පහතින් නරඹන්න.

(වීඩියෝ - ලංකාදීප)

Rate this item
(0 votes)
Last modified on Friday, 07 August 2015 12:03