May 19, 2024

පාසල් බස් රිය අනතුරින් සිසුන් 17ක් රෝහලේ

කොළඹ, බෞද්ධාලෝක මාවතේ සිදුවු අනතුරකින් පාසල් සිසුන් 17දෙනෙකු හා ගුරුවරියක තුවාල ලබා කොළඹ ජාතික රෝහළට ඇතුලත් කළ බව වාර්තා වේ.

පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ජීප් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

අදාළ අනතුරින් පාසල් සිසුන් 4ක් සහ සිසුවියන් 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Rate this item
(0 votes)