May 19, 2024

අතින් ඇද්ද පුද්ගලයා මහින්දට වැඳ සමාව ගනී (VIDEO)

පසුගිය දා අකුරැස්ස ප්‍රදේශයේ ජනහමුවක දී පුද්ගලයෙකු මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඇදීමේ සිද්ධියක් වාර්තා වූ අතර සමාජජාල වෙබ් අඩවි තුල එම අවස්ථාවේ ගත් වීඩියෝව බෝහෝ සෙයින් හුවමාරු විය.

එමෙන්ම රට තුළ ද විශාල කතාබහකට ලක් වූ එම සිදුවීම පිළිබඳ ඇතැම් පිරිස් මත පළ කළේ අදාළ පුද්ගලයාට රාජපක්ෂ මහතා විසින් පහර දීමට තැත් කළ බව යි.

කෙසේ වෙතත් එම පුද්ගලයා පසුව මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූවේ රාජපක්ෂ මහතා දැකීමෙන් උන්හිටිතැන් පවා අමතක වීම නිසා හිටපු ජනාධිපතිවරයාගේ අතින් ඇද්ද බව යි.

එමෙන්ම ඔහු රාජපක්ෂ මහතාව නැවත හමු වී ඇති අතර ඔහු එහි දී රාජපක්ෂ මහතාගෙන් වැඳ සමාව ගෙන තිබේ.

වීඩියෝව පහතින්.

 

Rate this item
(0 votes)