May 19, 2024

නව ආරකින් එන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට

සාම්ප්‍රදායෙන් බැහැරව නව ආරකට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට (28) කොළඹ හෙන්රි පේදුිස් ක්‍රීඩාංගණයේ දී එළි දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

අධ්‍යාපන, සෞඛ්‍ය, රාජ්‍ය සේවකයන්, වතු සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර රැස‍ ආවරණය වන පරිදි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර ඇත. ඒ අනුව වයස අවුරුදු 18 -35 අතර රැකියා වියුක්තියෙන් පෙළෙන උගත්, බුද්ධිමත් තරුණයන් සඳහා තාක්ෂණය පෙරදැරි කර ගත් රැකියා බිහි කිරීම, යැපුන් මට්ටමෙන් පහළ සිටින ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීම, ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම යන අංශ මීට ඇතුළත් වේ.

‘රටට පණ දෙමු - අලුතෙන්ම පටන් ගමු යන්න‘ තේමාව යථාර්ථයක් කරගනිමින් පාට, පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඒකරාශී කර ගැනීම මෙහි අරමුණ බවත් එහි ඇතැම් විශේෂ කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන අවස්ථාවේ බලාගත හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 July 2015 09:26