May 19, 2024

දෙමළ ජාතික සන්ධානය රජයට සහයදීමේ සූදානමක්? 

මහ මැතිවරණය අවසන් වනතුරු කවර පක්ෂයක් සමග හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමග සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක් එම රජයට සහය ලබාදෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 25 වැනිදා යාපනයේ උඩුවිල්, මරදනාර්තොට්ටම් ක්‍රීඩාංගණයේ පැවති දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ වන අන්දමට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට බලය බෙදාහැරෙන පෙඩරල් ක්‍රමයකට යාම දෙමළ ජාතික සන්ධානය තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අපේක්ෂා කරන බව සුමන්තිරන් මහතා කියා සිටියේය.

උතුරු පළාත් සභාවට අවශ්‍ය සියලු බලතල ලබාගැනීමටද අපේක්ෂා කරණ බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා යළි පදිංචි කරවීම ඇතුලු දෙමළ ජනයා වෙනුවෙන් බලාපොරොත්තු වන සෙසු අපේක්ෂාවන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත්ව ඇති බවද සදහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 27 July 2015 00:17