May 19, 2024

අයි.එස්. සංවිධානයෙන් ඥානසාර හිමිට තර්ජනයක් - බොදුබල සේනාවෙන් පැමිණිල්ලක් (VIDEO)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු සාමාජිකයින්ට අයි.එස්. අන්තවාදී සංවිධානයේ තර්ජන එල්ල වී ඇතැයි පවසමින් බොදුබල සේනා සංවිධානයේ විධායක නිලධාරී ඩිලන්ත විතාන මහතා අද (26) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඝාතනය කළ යුතු බවට පසුගිය දා අයි.එස්. අන්තවාදී සංවිධානය සමඟ එක්ව සටන් වැදී මිය ගිය ගලේවෙල ප්‍රදේශයේ පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි ඩිලන්ත විතාන මහතා පැවසී ය.

සිරියාවේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මුස්ලි ලිලම්දන් නමැති 37 හැවිරිදි ගලේවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්විය. 

 

Rate this item
(0 votes)