May 19, 2024

ජනපති මාලදිවයිනට

මාලදිවයිනේ 50වන ජාතික නිදහස් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීම සඳහා අද (26) දහවල් මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ මාලදිවයිනේ ඉබ්‍රාම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එහිදී පිළිගනු ලැබුවේ මාලදිවයින් උප ජනාධිපති අහමඩ් ආඩීප් අබ්දුල් ගෆුපූර් මහතා විසිනි. 

ගුවන් තොටුපලේදි ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව කුඩා දරුවන් පිරිසක් සංස්කෘතික අංගයක් ඉදිරිපත් කළේය. 

අනතුරුව මාලදියින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා විසින් ඉතා සුහදශිලිව පිළිගත්තේය. 

එහිදීද ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාර පිළිගැන්විනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 July 2015 22:39