May 19, 2024

රන්ජන්, අනුර, මංගල, නලීන් සහ ගායක සුනිල් පෙරේරාටත් එන්තරවාසි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන ප‍්‍රකාශ සිදු කළා යැයි චෝදනා නගමින් පස් දෙනෙකුට එරෙහිව මේ වන විට එන්තරවාසි යවා ඇති බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලය ප්‍රකාශ කරයි.

එම පස්දෙනා වන්නේ,

  1. රන්ජන් රාමනායක
  2. අනුර කුමාර දිසානායක
  3. මංගල සමරවීර
  4. සුනිල් පෙරේරා 
  5. නලීන් බණ්ඩාර

යන අය යි.

එම නීතීඥ මණ්ඩලයේ සාමාජික නීතිඥ සාගර කාරියවසම් මහතා විපක්ෂ නායක කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණය කළේ ය.

Rate this item
(1 Vote)