May 19, 2024

සනත් ජයසුරියගේ මව එජාපයට (PHOTOS)

හිටපු අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ මෑණියන් වන බි‍්‍රඩා ජයසුරිය මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන බව ඊයේ (25) මාතර මාලිබඩ ප‍්‍රදේශයේ පැවති උත්සවයකදි ප්‍රකාශ කළේය.

අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානි සාගල රත්නායක මහතාගේ ඉල්ලිමක් අනුව තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ඇය පැවැසුවාය.

එහිදී ඇය මෙසේද පැවසීය.

“මම අද එක්සත් ජාතික පක්ෂික වෙලා ආවේ නැහැ, අපේ පරම්පරාවම යු. ඇන්. පී. මගේ පුතාගේ ඉල්ලිමට තමයි මහ මැතිවරණයේ දේශපාලනය කළේ. ඊට පස්සේ කොයි මොහාතකවත් ඉදිරිපත් වුණේ නැහැ, ඡන්දය දුන්නෙත් නැහැ. ඒ මොකද පිටුපාන්න බැනේ. මම ඉපදුනේ එජාප පාක්ෂික අම්මා කෙනෙක්ගෙ බඩින්. ඉතින් මැරෙනකල්ම එජාපයට සහයෝගය දෙමින් වැඩකරනවා. අපි දේශපාලනය කරනවා කියලා ගෙදර ඉදලා වැඩක් නැහැ. දේශපාලනය කියනකොට මගේ ඇග නලියනවා, ඒකයි මම යු.එම්.පියට නැවත එකතු වුනේ “ යැයි ඇය පෙන්වා දුන්නාය.

 

Rate this item
(0 votes)