May 19, 2024

දයා රාජපක්ෂ දිවියෙන් සමුගනී

කාටූන් සහ චිත්‍ර කතා කලාවේ පුරෝගාමියෙකු වු දයා රාජපක්ෂ මහතා අද(26) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවත් කලක් රෝගාතුරව සිටි දයා රාජපක්ෂ මහතා මියයන විට 78 වන වියේ පසු වූ බවත් පවුලේ ඥාතියෙකු සඳහන් කළේය.

සිළුමිණ පුවත්පතේ කාටුන් ශිල්පියෙකු වශයෙන් කටයුතු කළ දයා රාජපක්ෂ මහතා 60 දශකයේදී ලේක්හවුස් ආයතනයේ “සතුට“ නම් පළමු චිත්‍ර කතා පත්‍රයේ චිත්‍ර කතා ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.

මෙරට පලවු පළමු වර්ණ චිත්‍ර කතාව වන “පරිත්‍යාගය“ද ඔහුගේ නිර්මාණයකි.

ලේක්හවුස් ආයතනයෙන් පසු විජය පුවත්පත් සමාගමේ කටයුතු කළ දයා රාජපක්ෂ මහතා පුවත්පත් හා සඟරා කිහිපයකටම සිය නිර්මාණාත්මක දායකත්වය සැපවුවේය.

ඒ මහතාගේ චිත්‍ර කතා රැසක් ටෙලි නාට්‍යය සහ චිත්‍රපට ලෙස ද ප්‍රතිනිර්මාණය වී තිබේ.

 

Rate this item
(0 votes)