May 19, 2024

තංගල්ලේ වෙඩිතැබීමකින් පාතාල සාමාජිකයෙකු මරුට

තංගල්ල පල්ලික්කුඩාව ප‍්‍රදේශයේ දී කිසියම් පිරිසක් කළ වෙඩි තැබිමකින් අද (26) පෙරවරුවේ පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන අන්දමට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත‍්‍රීරෝද රථයක ගමන් ගත් පිරිසකට වෙඩි තබා ඇති අතර මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසා අැත්තේ තවත් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව යි.

වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා "පල්ලිකුඩාවේ උක්කුවා" නමින් හැඳින්වුනු පාතාල සාමාජිකයෙකු බව වාර්තා වන අතර ජයවීර පටබැඳිගේ නිලූක ඉන්දික ප‍්‍රසන්න නොහොත් උක්කුවා නමැත්තා දෙදරු පියෙකු ද වන බව සඳහන් වේ.

Rate this item
(0 votes)