May 19, 2024

ලාංකික IS සාමාජිකයාගේ පවුුලත් රට හැර ගිහින්

ISIS ත්‍රස්‌ත සංවිධානයට බැඳී සිටිය දී ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත් වූ බව කියන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් රට හැර ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

මෙම ත්‍රස්‌තවාදියාගේ පවුලේ සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්‌පතිවරයාට නියෝග කළ අතර ඒ අනුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම ත්‍රස්‌තවාදියා පදිංචිව සිටි බව කියන ගලගෙදර ප්‍රදේශයේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳව සොයා බලා ඇත.

ත්‍රස්‌තවාදියාගේ බිරිඳ සහ ඥතීන් පිරිසක්‌ ගලගෙදර ප්‍රදේශයේ සිට ඇති බවත් ඔවුන් මීට වසර කීපයකට උඩ දී එම ප්‍රදේශය අතහැර පාකිස්‌තානයට ගොස්‌ ඇති බවත් හෙළි වී තිබේ.

Rate this item
(0 votes)