May 19, 2024

හිටපු ජනපතිගේ අකරතැබ්බය ගැන කී ග්‍රාම නිලධාරියාට විනය පියවර

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්ස පරණ බස් නැවතුම්පොළ අසල දී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් වෙළෙඳගොඩ ග්‍රාම නිලධාරියා කළැයි කියන ප්‍රකාශයක් නිසා ඔහු සම්බන්ධයෙන් විනය පියවරක් ගැනීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව වෙළෙඳගොඩ ග්‍රාම නිලධාරියා මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයට මාරු කරන ලෙස ස්වදේශ ලේකම් එස් ඩී ඒ බී බොරලැස්ස මහතා උපදෙස් දී ඇත.

ග්‍රාම නිලධරයා ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමකට සහභාගී වී ඇතැයි ඔහු මැතිවරණ කොමසාරිස්වරයාට ද දන්වා ඇත.

 

Rate this item
(1 Vote)