May 19, 2024

'ගාමිනී ෆොන්සේකාත් මහින්දට පරාදයි' - අනුර

විදේශයන්ගෙන් ණය ගෙන පාරවල් සහ පාළම් ආදිය තැනීම සංවර්ධනය යනුවෙන් හැඳින්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක දී ය.

පසුගිය දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළියක දී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ දිසානායක මහතා පැවසූවේ රාජපක්ෂ මහතා තමන්ගේම පාක්ෂිකයෙකුට පහරදීමට තැත් කළ බවත් පසුව යම් යම් දේ පවසා එය වැසීමට තැත් කරන බවත් ය.

එමෙන්ම මීට පෙර ද එවන් සිදුවීම් බහුලව සිදු වී ඇතත්, එවන් අවස්ථාවල දී ජනාධිපති ආරක්ෂක අංශ විසින් කැමරාවල සටහන් වූ දර්ශණ ඉවත් කළ බව පැවසූ දිසානායක මහතා තවදුරටත් කියා සිටියේ වත්මනෙහි මාධ්‍යයට යම් නිදහසක් ලැබී ඇති බැවින් සැබෑ මහින්ද රාජපක්ෂ මහතා පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ දැන් බව යි.

ඉස්සර සිටියේ රඟපාන මහින්ද කෙනෙක් යැයි පැවසූ අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසූවේ සිනමා සක්විති ගාමිනී ෆොන්සේකා මහතා ද පරාද වන නළුවා මහින්ද රාජපක්ෂ බව යි.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(2 votes)
Last modified on Sunday, 26 July 2015 22:57