May 19, 2024

ජනාධිපති අද මාලදිවයිනට

මාලදිවයින් ජන රජයේ 50 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) මාලදිවයින බලා නික්මෙයි.

ජනාධිපතිවරයා සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කොට ඇත.

ජනාධිපතිවරයා මාලේ නුවරදී විශේෂ හමුදා උත්තමාචාරයකින් පිළිගැනෙනු ඇති අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර රාජතාන්ත‍්‍රික සබඳතා 1965 වසරේ ජූලි 26 වැනිදා ආරම්භ වූ අතර, එම සබඳතාවලට වසර 50 ක් සපිරීම ද අද සිදු වේ.

Rate this item
(0 votes)