May 19, 2024

ජවිපෙ ITN නාලිකාවට ගෙවූ මුදලේ ඇත්ත බිල්පත මෙන්න (PHOTO)

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වන 'හෘද සාක්ෂියේ සම්මුතිය' එළිදැක්වීම පිණිස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පසුගියදා පැවැත්වුන විශේෂ මහසමුළුව ITN නාලිකාව මගින් සජීවීව විකාශය කෙරුණු බව සියළු දෙනා දන්නා කරුණකි. ඒ සඳහා ගුවන් කාලය ලබා ගත්තේ මුදල් ගෙවීමෙන් පසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටි අතර ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද පවසා සිටියේ ගුවන් කාලය වෙන්කරගැනීමට ජවිපෙ රු. 800,000ක් පමණ මුදලක් වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.  

කෙසේ වෙතත් එම සමුළුව විකාශය වීමෙන් අනතුරුව අන්තර්ජාලයේ, විශේෂයෙන්ම ෆේස්බුක් අඩවියේ සංසරණය වුන ව්‍යාජ බිල්පතක ඡායාරූපයකින් දැක්වුනේ ජවිපෙ ඒ සඳහා ගෙවා ඇත්තේ රු. 54,600ක් පමණක් බවයි.

එම ව්‍යාජ බිල්පත පහතින්, 

එම බිල්පතේ ඡායාරූපය සංසරණය වීමත් සමඟ බොහෝදෙනාගෙන් නැගුණු ප්‍රශ්න හා චෝදනා වලට පිළිතුරක් ෆේස්බුක් හරහාම ලබාදීමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ක්‍රියා කර ඇත.

අනුර දිසානායක මහතාගේ පිළිතුර,

ITN නාලිකාවට ගෙවූ මුදල දැක්වෙන සත්‍ය බිල්පත,

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 July 2015 17:11