May 19, 2024

වස්ගමුව රක්ෂිතයේ ගින්නක් 

විල්ගමුව, වස්ගමුව රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලීසිය පවසයි.

විල්ගමුව පොලීසියට ලද තොරතුරකට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ විල්ගමුව පොලීසිය විසින් සිදු කරයි.

Rate this item
(0 votes)