May 19, 2024

උසස් පෙළ අවසන්වනතුරු උපකාරක පන්ති තහනම්

අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාරක පංති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුලු පැවැත්වීම ජූලි මස 29 වැනි දා සිට සැප්තැම්බර් 08 වැනි දා දක්වා සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.

මෙම නියෝගය කඩ කරන අවස්ථා ඇත්නම් පොලීසීයට හෝ 1911, 2784208 යන දුරකතන අංකවලට දැනුම්දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 July 2015 13:38