May 19, 2024

පෝස්ටර් ඇලවූ පිරිසක් සමග කැබ් රථයක් අත්අඩංගුවට 

වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ අද (25) අලුයම 12.15 ට පමණ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් සහ කැබ් රථයක් වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකුගේ පෝස්ටර් අලවමින් සිටිය දී ජංගම මුර සංචාරයේ යෙදුණ වැලිමඩ පොලීසියේ නිධාරීන් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් අද (25) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)