May 19, 2024

"ජාතිවාදය පතුරන්න එපා" - කබීර් හෂීම් විරුද්ධවාදීන්ගෙන් ඉල්ලයි

තම දේශපාලන විරුද්ධවාදීන් ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් මේ වන විට ජාතිවාදය පැතිරවීමට උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසා සිටින්නේ අතුගා දැමිය යුතු පසුගාමී සංකල්පයක් වන ජාතිවාදය මේ අන්දමින් ලාංකීය සමාජයට ඇතුළු වීම අනුමත කළ නොහැකි බව ය. 

උසස් මිශ්‍ර සංස්කෘතියක් පවතින ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා යුද්ධයෙන් බැට කෑවේ සුළු පිරිසක් විසින් පැතිරවූ මෙවන් පසුගාමී සංකල්ප නිසා බව පවසන කබීර් හෂීම් මහතා එවන් තත්වයක් ඉදිරියේදී ඇතිවීම වැලැක්වීමට කටයුතු කිරීම පක්ෂ භේදයකින් තොරව සැමගේ වගකීමක් බව ප්‍රකාශ කළේය.

 

 

Rate this item
(0 votes)