May 19, 2024

ජනපති පැමිණි උත්සවයේ සිටි ශිෂ්‍ය භටයාගේ තුවක්කුවේ උණ්ඩයක් (PHOTOS)  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ අද (24) පැවැති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූ ශිෂ්‍ය භටයකුගේ තුවක්කුවක තිබී උණ්ඩයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණීමට පෙර ජනාධිපති ආරක්ෂක අංශය ශිෂ්‍ය භටයන් පරීක්ෂා කරද්දී එම උණ්ඩය හමුවී ඇතැයි වාර්තා වේ.

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූවිට පැවසූවේ එවැනි සිද්ධියක් වාර්තා වන බවයි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ පැවැත්විණි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන කැඳවාගෙන යනු ලැබු අතර ශිෂ්‍ය භට බලකායේ විශේෂ උත්තමාචාරයක්ද ජනාධිපතිවරයා වෙනුවෙන් පිළිගැන්විනි. 

විද්‍යාලයේ අභිනව බුද්ධ මන්දිරය වෙත මල් පහන් පූජා කළ ජනාධිපතිවරයා විද්‍යාලයේ ආදි සිසු රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් ඉදිකර ඇති රණවිරු ස්මාරකයටද පුෂ්පෝපහාර දැක්වීය.

ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ද මෙම අවස්ථාව එක්ව සිටී අතර විදුහල්පති බී.එන්.එල්.පී. දිසානායක මහතා, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් , ආදි සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම ඡායාරූප පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 July 2015 18:22