May 19, 2024

මියගිය ISIS ලාංකිකයා ගැන උලමා සංවිධානයේ මතය

ISIS කැරලිකරුවන්ට ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙකු එක් වී ඇති බවට වාර්තා පළ වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවූ ශ්‍රී ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය පවසන්නේ අන්තවාදී ඉස්ලාමීය කැරලිකරුවන් සහ ඉස්ලාම් ධර්මය අතර සම්බන්ධතාවක් නොමැති බවයි.

ඉස්ලාම් දහම වැරදි ආකාරයට තේරුම් ගැනීම නිසා ලෝකයේ ඇතැම් පිරිස් නොමඟ ගොස් ඇති බවයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා හෙවත් ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් ෆාසිල් ෆාරුක් ප්‍රකාශ කර ඇත.

මෙය තනි පුද්ගලයෙකුගේ තීරණයක් විය හැකි අතර එය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අනුමත නොකරන බවත් ශ්‍රී ලංකාවේ අන්තවාදී ඉස්ලාමීය සංවිධාන ක්‍රියාත්මක නොවන බවත් ඔහු අවධාරණය කර සිටියේ ය.

 

Rate this item
(0 votes)