May 21, 2024

පස් දරු මවක් ඝාතනය කර කිඹුල්ලන්ට දැමූ සිද්ධියේ තොරතුරු හෙළි වෙයි (PHOTOS)

December 29, 2021

කිලිනොච්චිය උදයනගර් අම්බාල්කුලම් ප්‍රදේශයේ පස්දරු මවක් ඝාතනය කොට කිඹුලන්ට කන්න දැමීමේ සිදු වීමට හේතු වූ කරුණු කිහිපයක් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය විසින් අනාවරණය කොටගෙන තිබෙනවා.

ඒ අනුව අදාල ඝාතනය සැකකරු විසින් රන්භාණ්ඩ සොරා ගැනීමේ අරමුණින් සිදු කල බවට සැක සහිත බවටත් සැකකරුගේ නිවසේ තිබී සොරකම් කරන ලද රන් භාණ්ඩ කිහිපයක් තිබියදීද පොලීසිය විසින් මේ වන විට සොයාගෙන ඇති බවටද වාර්තා වෙනවා.

පසුගිය 27 වනදා මිය ගිය කානතාව බැංකුවට ගොස් ආපසු නිවසට පැමිණ ඇති අතර පසුව එදින සවස කාන්තාව අතුරුදහන්ව ඇති බවට මිය ගිය කාන්තාවගේ ඥාතීන් විසින් 27 වනදා රාත්‍රියේම කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.

අනතුරුව පොලීසිය විසින් මිය ගිය කාන්තාවගේ නිවසට අසල්වැසි නිවසක සිටි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරනය කර ගත් තොරතුරුවලට අනුව මිය ගිය කාන්තාවගේ මළ සිරුර ඇගේ නිවසට කිලෝමීටර් 18ක් පමණ නුදුරින් පිරිටි කන්දපුරම් ප්‍රදේශයේ පාලමක් සහිත විශාල ඇලක ජලයේ පාවෙමින් තිබියදී ඊයේ (28) දින සොයා ගනු ලැබුවා.

සැකකරු විසින් කාන්තාව ඝාතනය කොට පොහොර උරයක දමා යතුරුපැදියකින් රැගෙන ගොස් මෙම පාලමට දමා ඇති බවටද අනාවරනය වී ඇති අතර මළ සිරුර තිබූ ඇල මාර්ගයේ කිඹුලන් බොහෝ සෙයින් වාසය කරන බවටද ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේවෙතත් මෙලෙස මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි පස්දරු මවක් වූ රාසේනද්‍රම් රාජලක්ෂ්මි නැමති කාන්තාවක් වන අතරම ඇය මීට පෙර ලන්ඩන් නුවර සිය දරුවන් සමග වාසය කොට අනතුරුව වසර තුනකට පෙර කිලිනොච්චියට පැමිණ පදිංචිව සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අධිකරණ නියෝගයන් මත රඳවාගෙන ප්‍රශ්න කරන බවට පරික්ෂණ සිදු කරන අක්කරායන් පොලීසිය සහ කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)