May 18, 2024

“මංගලගෙන් පරිස්සම්වෙන්න!” දිල්කා, මංගල සමුගත් පසුව කියපු කතාව

ඊයේ (24) දිනයේ ජීවිතයෙන් සමුගත් මෙරට දේශපාලනය තුළ දැඩි මතවාදාත්මක චරිතයක් වන මංගල සමරවීර මහතා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළවෙමින් තිබෙනවා.

ඒ අතර මංගල සමරවීර මහතා සහභාගී වූ දේශපාලනමය වැඩසටහනක් මෙහෙය වූ මාධ්‍යවේදීනියක වන දිල්කා සමන්මලී විසින් එම වැඩසටහන ආරම්භ වීමට පෙර සිදුවු කිසිවෙකු නොදත් කතාවක් සිය ෆේස්බුක් ගිනුම තුළ සටහන් කර තිබුණා.

මංගල සමරවීර මහතා වැඩසටහනට සහභාගී වීමට පෙර ඔහු ගැන ඇයට දැනගන්නට ලැබුණු දේවල් මෙන්ම වැඩසටහන කිරීමෙන් පසුව ඇයගේ අත්දැකීම ගැන ඇය එහිදී විස්තර කර තිබුණේ පහත අයුරින්,

ඔව් ඔහු වෙනස්..එතුමන් මා ඇමතුවේ සමන්මලී යන නමින්.වසර 14 ක 360 වැඩසටහන් ඉතිහාසය තුළ (අතර මැද වසර 3 1/2 ක් හැර ) 500කට අධික වැඩසටහන් සංඛ්‍යාවක් සදහා සහභාගී වූ ආරාධිතයින් අතරින් සමන්මලී යන නමින් මා ඇමතූ එකම දේශපාලන චරිතය ඔහුයි (බොහෝ අය කිව්වෙ ඒකත් එතුමන්ගෙ ස්ට්‍රැටජි එකක් කියල).

ඒ 2007.08.26 මා මෙහෙයවූ 17 වන 360 වැඩසටහන. කිහිප දෙනෙකුගේම බියගැන්වීම් සමඟ කළ වැඩසටහනක් නිසා ඒ වැඩසටහන මට හොඳට මතකයි. (ජයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ මහතාගේ වැඩසටහන ද එවැනිම එකක්) මංගලගෙන් පරිස්සම් වෙන්න කට හොඳ නෑ එහෙම තමයි ගොඩක් අය කිව්වෙ.

ඒත් වැඩසටහන අවසන් වන විට ඔහුගේ කට හොඳ නැති බව සැබැවින්ම කුමක්දැයි මා හදුනා ගෙන තිබුනා. ඒකට හේතුව ඔහු කියන්න හිතන දේ ඒ අයුරින්ම කියන කෙනෙක්. ඒ ගැන අනිත් අය මොනව හිතාවිද කියන එක එතුමට අදාල උනේ නෑ.

පසුව එතුමන් විසින් කල බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශවලටත් හේතුව මේ ස්වභාවයයි කියන එකයි මගේ හැගීම.

මගේ පුද්ගලික මතය (තම මතවාදය මොක උනත්)එවැනි මිනිසුන් සමග ගනුදෙනුව හරි පහසුයි.එදා මට සුභපතා ගිය එතුමන් ඊට පසු මේ වසර ගණනාවටම මට  මුණගැහෙන්නෙ අවස්තා 2ක් පමණ යි. එහෙම වෙලාවක

"කාන්තාවෝ ඔයා විදියට කතාකරන්න ,ප්‍රශ්න කරන්න ටිකක් බයයි ලංකාවෙ,ඔයාට ඒක වෙනස් කරන්න පුළුවන්,good." ඒ රූපවාහිනී වැඩසටහනකින් පිටත ඔහු මට කියූ එකම වචන ටික. ඔහු නැවත මට හමු උනානම් ඒක මතක් කරන්න මං හිතාගෙන හිටිය.ඒත් නැවත එතුමන් හමුවෙන්නෙ නෑ. එතුමන් සෙවූ ආත්මීය නිදහස එතුමන්ට හිමිවේවා...

මාධ්‍යවේදීනිය තැබූ මුල් ෆේස්බුක් සටහන,

Rate this item
(0 votes)