May 18, 2024

මහරජ මංගල ගැන “Wasthi - වස්ති” තැබූ අවසන් සටහන

කොරෝනා වසංගතය සමඟ පැතිර යන කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිටි කෘතහස්ත දේශපාලනඥයෙකු වූ මංගල සමරවීර මහතා ඊයේ (24) දිනයේ දී ජීවිතක්ෂයට පත් වුණා.

දේශපාලනයෙන් සමුගෙන සිටි මංගල සමරවීර මහතා ඔහුගේ අවසන් සමය තුළ ඉතාමත් විනෝදජනක ලෙස ජීවත් වූ අයෙකු ලෙසත් හඳුන්වන්න පුළුවන්.

ටික්ටොක් වීඩියෝ ඇතුළු විනෝදකාමී දේවල් සිදුකරමින් සිටි මංගල සමරවීර මහතා මෙරට ජනප්‍රිය යුටියුබ් වීඩියෝ ඉදිරිපත් කරන්නන් පිරිසක් වන “වස්ති” සමඟ එක්වී කරන ලද එක්තරා රූගත කිරීමකින් පසුව මංගල සමරවීර මහතා මෙරට තරුණ පරපුර අතරට තවත් ලංවෙන්න සමත් වුණා.

“මහරජ මංගල” නමින් මංගල සමරවීර මහතා එහිදී ඉදිරිපත් කළ චරිතය මෙරට බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබුණා.

වස්ති විසින් මෙම නිර්මාණය කරන ලද වීඩියෝව මිලියන 3.6ක නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන ඉතාමත් ජනප්‍රියත්වයටද පත්ව තිබුනා.

මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව ෆේස්බුක් සටහනක් තබමින් වස්ති සඳහන් කර තිබුණේ “මේ නිහඩවූයේ ඔබ පමණක් නොව., ශ්‍රී ලංකාවේ මහත්මා දේශපාලනය යි..!!!!!” ලෙසිනි.

ඔවුන් තැබූ ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(5 votes)
Last modified on Wednesday, 25 August 2021 08:25