April 26, 2024

සජිත්ට පක්ෂය දුන්න ඩයනා 20ට පක්ෂ වෙයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

විශ්‍රාමික කපිතාන්, ආචාර්ය සේනක ද සිල්වා එනම් ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා සභාපතිත්වය දැරූ 'අපේ ජාතික පෙරමුණ' මිට කලකට පෙර සජිත් ප්‍රේමදාස වෙත බාර දී ඇත.

ඇය සමඟි ජාතික බලවේගය ගොඩ නැගීමෙහිලා පුරෝගාමී කාර්යයක් සිදු කළ අතර සමගි ජන බලවේගය ගොඩ නැගීම සදහා තමන් ලේකම් ධූරය දරණ අපේ ජාතික පෙරමුණ ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර එහි සභාපති සේනක ද සිල්වා සමග එක්ව සමගි ජන බලවේලය ගොඩ නැගීමෙහිලා මුල සිට කටයුතු කරනු ලැබීය.

ඩයනා ගමගේ එන්ගලන්තයේ ලන්ඩන් මෙට්‍රො පොලිටන් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලැබූ අතර නෝර්ත් හැම්ටන් විශ්වවිද්‍යාළයෙන් පශ්චාත් කළමණාකරණ උපාධියද හිමි කරගනු ලැබූවාය.

ලංකා දේශපාලනයට ප්‍රවිශ්ට වන ඇය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් ලෙස 2001 වර්ෂයේදී තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් එක්සත් ජාතික පක්ෂය සදහා විශාල සේවාවක් සිදු කළ අතර 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සදහා මැතිවරණ කාර්යාල භාරව දැවැන්ත කැපවීමකින් කටයුතු කරනු ලැබුවාය.

2004 දී පැවැති පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස මැතිවරණ්‍යට ඉදිරිපත් වන අතර එහිදී ඡන්ද 12000ක් ලබාගැනීමට සමත් වූවාය.

එක්සත් කලාකරුවෝ නැමැති සංවිධානය මගින් කලාකරුවන් එක් කොට පක්ෂයේඅභිවෘද්ධියට සුවිශාල දායකත්වයක් දැක්වු අතර අනතුරුව පසුගිය ආණ්ඩුව මගින් ප්‍රදානයකළ රන් මිණි තැන්න ටෙලි ගම්මානහෙි සභාපතිවරිය ලෙස කටයුතු කරනු ලැබීය.

කලාව දේශපාලනය හා කාන්තා සුබ සාධනය වැනි අංශ රාශියක අත්දැකීම් ඇති ඩයනා ගමගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයක් ලෙස ඉදිරියෙදී පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 22 October 2020 22:43

Related items