May 11, 2024

කවුද මේ හැමෝම කතා කරන හොයන ටෙහානි ඉමාරා?

නව රජයේ ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූ නාමල් රාජපක්ෂ මහතා විසින් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට කරන ලද පත් වීම් දෙක පිළිබඳව මේ වන විටත් සමාජජාල වෙබ් අඩවි තුළ උණුසුම් කතා බහක් නිර්මාණය වී ඇත.

සංගීත නිර්මාණ ශිල්පියෙකු සහ ගායකයෙකු වන ඉරාජ් වීරරත්න සහ ගායන ශිල්පිනියක වන ටෙහානි ඉමාරා මෙම නව අධ්‍යක්ෂකවරුන් වේ.

ටෙහානි ඉමාරා මුලින් ම කරළියට පැමිණෙන්නේ එක්තරා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් පවත්වන ලද රියැලිටි ගායන වැඩසටහනකට තරඟකාරිනියක් ලෙස සහභාගී වෙමිනි. එමෙන්ම ඇය එම වැඩසටහනේ නිවේදිකාවක් ලෙසද පසුව කටයුතු කර තිබූ බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල තේමා ගීතයත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ගීත සඳහාත් ඇය ගායනයෙන් දායක වී තිබේ.

එමෙන්ම ඇය අලෙවිකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ද කර ඇති බව සඳහන් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 August 2020 09:04