May 05, 2024

Firefox, Google  අතහරී ද?

November 20, 2014

එළැඹෙන දෙසම්බර් මස සිට Firefox හි නිල සෙවුම් යන්ත්‍රය ලෙස Yahoo සෙවුම් යන්ත්‍රය යෙදීමට නියමිත බව වාර්තා වේ. 

දැනට Firefox හි නිල සෙවුම් යන්ත්‍රය ලෙස ඇත්තේ  Google  සෙවුම් යන්ත්‍රයයි. නමුත් එළැඹෙන දෙසැම්බරයේ සිට අමෙරිකාවේ පමණක් Firefox හි නිල සෙවුම් යන්ත්‍රය ලෙස Yahoo ක්‍රියාත්මක වේ.

මෙම වෙනස දෙසැම්බර් මස සිට පරිගණක, ජංගම දුරකථන, ස්මාර්ට්  ජංගම දුරකථන තුල ස්ථාපිත Firefox හි දැකගැනීමට හැකිය. 

Mozilla ආයතනය හා Yahoo ආයතනය වසර 5 ක එකඟතාවයක් මත මෙය ක්‍රියාත්මක කොට ඇත.

දැනට අමෙරිකාවට පමණක් මෙය අදාල වුවද ඉදිරියේදී මෙම වෙනස අප හටද දැකගැනීමට ඉඩ ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 November 2014 09:36