May 05, 2024

Facebook  Massenger පාවිච්චිය Double වෙලා

November 11, 2014

ලොව දැවැන්තම සමාජජාල වෙබ්අඩවියවන Facebook මගින් නිකුත් කළ Facebook  Massenger සේවාව නැතිනම් Facebook Massenger app එක පරීශීලනය කරන්නන් මේ වනවිට මිලියන 500 ඉක්මවා ඇති බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී Facebook Massenger app එක පරීශීලනය කරන්නන්ගේ ප්‍රමාණය ලෙස සටහන් වූයේ මිලියන 200ක ප්‍රමාණයක් පමණි. නමුත් අප්‍රේල් මාසයෙන් පසු කාලසීමාව තුළ දී එම ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගොස් ඇත.

2011 වසරේ දී නිකුත් කළ මෙම Facebook Massenger app එක ජංගම දුරකතනයට ස්ථාපනය  කළ පසු තම Facebook  පිටුව මගින් තම මිතුරන්හට Facebook Massenger app එක ස්ථාපනය කරගන්නා ලෙස යොමුකරන පණිවුඩය නිසා Facebook  වෙබ්අඩවිය යම් පසුබෑමට ලක් වූ බවත් පැවසෙයි.

කෙසේ වෙතත් පසුගිය දිනෙක Facebook සමාගමේ ප්‍රධාන විදායක නිලධාරී Mark Zuckerberg  පැවති Q&A session එකක් නැත්නම් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනේ දී වැඩිම ප්‍රතිචාර ගත් ප්‍රශ්ණය වුයේ ද Why Facebook forced users to download its Messenger app for mobile? (ජංගම දුරකථන භාවිතාකරන්නන් සඳහා Facebook Messenger app එක Download කරගැනීමට යොමු කරන්නේ ඇයි? යන්නයි)

Rate this item
(4 votes)
Last modified on Tuesday, 11 November 2014 15:31