May 07, 2024

පළමු දිනයේ වාසිය ඉන්දියාවට: කෝලිගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාව - ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි (5).

මොහාලිහි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (4) ඉන්දියානු කණ්ඩායමේ නව නායකයා වන රෝහිත් ෂර්මා කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර පහරදීමට තීරණය කළා.

පළමු දිනය

ඒ අනුව දිනය නිමා වන විට ඉන්දීය කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 357 ක් රැස්කළේ පන්දු ඕවර 85ක් තුළයි.

ටෙස්ට් තරගයකට වඩා එක් දින තරග රටාවකින් පිති හරඹය යෙදුණු ඉන්දීය පිල වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළේ කඩුලු රකින රිෂාබ් පන්ට්.

ඔහු ලකුණු 96ක් රැස් කළ අතර හනුමා විහාරි ලකුණු 58 ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත්තේ දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙනිය.

ඔහු ලකුණු 107 ක ට කඩුලු 2 ක් ලබාගත්තා.

වාර්තාගත තරඟය

මෙම ටෙස්ට් තරගය විශේෂත්වය වන්නේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සිය 100 වැනි ටෙස්ට් තරගයට ඉන්දියාව වෙනුවෙන් සහභාගි වීමයි.

එහෙත් කෝලිට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 45ක් පමණයි.

මෙම ටෙස්ට් තරගයට සහභාගි වන කණ්ඩායම් දෙක අතරද කැපී පෙනෙන වෙනසක් තිබෙනවා.

ශ්‍රී ලංකාව වේග පන්දු යවන්නන් තිදෙනෙකු සහ දඟ පන්දු යවන්නෙක් සමග මෙම තරඟයට සහභාගී වූවත් සත්කාරක ඉන්දියාව වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟ මෙම තරගයට සහභාගි වීමයි.

ඊයේ (4) පළමු දිනය දෙස බලද්දී තවත් එක් දඟ පන්දු යවන්නෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළේ නම් එය වඩා වාසිදායක තත්ත්වයක් වීමට ඉඩ තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2022 09:16