April 30, 2024

තරගයට පැය කිහිපයයි: පෙරේදා වැඩ පෙන්වූ බිනුර හදිසියේ ලෙඩ වෙයි!

February 13, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය තවත් විනාඩි කිහිපයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සිඩ්නි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40ට යි.

තරග 05කින් සමන්විත තරගාවලියෙහි පළමු තරගය ජයගත්තේ ඔස්ට්‍රේලියාව විසින්වන අතර ඒ අනුව ඔවුන් තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

එම තරගය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතා උසස් දස්කම් දැක්වූ අතර ඔවුන් ප්‍රබල ඔස්ට්‍රේලියා පිතිකරුවන් ලකුණු 149කට සීමා කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් පන්දු යවන්නන් ලබා දුන් ජයග්‍රාහී මාවත මකා දමන්නට සුපුරුදු ලෙස පිතිකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය හේතු වූයේ අවාසනාවන්ත ලෙස යි.

ශ්‍රී ලංකාව තරගය පරාජය වූයේ ලකුණූ 20කින්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ තවත් අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.

ඒ, වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුණා ගැනීම යි.

පළමු තරගයේ දී බිනුර ප්‍රනාන්දු ඉතා හොඳින් පන්දු යැවීමෙහි නිරත වූ අතර එනිසාම ජාත්‍යන්තරයේ පවා ඔහු කතාබහට ලක් වූවා.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග බිනුර අද තරගයෙන් ඉවත් කොට තිබෙනවා.

එමෙන්ම ඔහු හට තරගාවලියේ ඉතිරි තරග ද බොහෝ විට අහිමිවනු ඇති බවට යි මත පළව ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර කොවිඩ් 19 වෛරසය පැතිර යාම දින ගණනාවක සිට නිරීක්ෂණයවන අතර කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද මේවන විට ආසාදිතව පසුවනවා.

එනිසා ඔහුට පළමු තරග දෙක අහිමිව තිබෙනවා.

මීට පෙර දසුන් ශානක, චාමික කරුණාරත්න සහ නුවන් තුෂාර ඇතුළු කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වූ අතර ඔවුන් මේවන විට සුවය ලබා සිටිනවා.

මේ අතර බිනුර ප්‍රනාන්දු වෙනුවට නුවන් තුෂාර හෝ ලහිරු කුමාර කැඳවනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් අපේක්ෂා කරනවා.

තරගයේ ඉදිරි තොරතුරු සඳහා ඒෂියන් මිරර් සමගින් රැඳී සිටින්න…

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 February 2022 13:53