April 30, 2024

ලෝකශූර කැන්ගරුවන් අසරණ කරවමින් සිංහයෝ සිඩ්නි පිටිය කළඹයි

February 11, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේවන විට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

ඔස්ට්‍රේලියා ඉනිම

තරගයේ 05 වැනි පන්දු වාරයේ දී ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච්ගේ කඩුල්ල දවා ගැනීමට ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නාවන වනිඳු හසරංග සමත් වුණා. 

ෆින්ච් දැවී ගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්.

අද දින ජාත්‍යන්තර විස්සයි 20 වරම් හිමි කරගත් ජෝෂ් ඉංග්ලිස් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ 11 වැනි පන්දු වාරයේ දී යි.

ලකුණූ 23ක් ලබා සිටි ඔහුගේ කඩුල්ල ලබා ගත්තේ චාමික කරුණාරත්න විසින්. 

එම කඩුල්ල ද පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියා.

ඔස්ට්‍රේලියා මුලු ලකුණු ගණන 90ක් බවට පත් වෙද්දී තුන්වැනි කඩුල්ල දවා ගැනීමට වනිඳු හසරංග සමත් වූ අතර එලෙස දැවී ගියේ ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ල යි.

චාමික කරුණාරත්න අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී යන විට මැක්ස්වෙල් ලබා සිටියේ ලකුණූ 07ක් පමණ යි.

සිව්වැනි කඩුල්ල දවා ගැනීමට ද වනිඳු හසරංග සමත් වූයේ සිය අවසන් පන්දුවාරයේ දී යි.

ස්ටීව් ස්මිත්ගේ කඩුල්ල එලෙස දැවී ගියා.

පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවී දැවී යන විට ස්මිත් ලබා සිටි ලකුණූ ගණන 09ක්.

ශ්‍රී ලංකාවට හිසරදයක් මෙන්ම ඔස්ට්‍රේලියා ඉනිමෙහි ජීවය බවට පත්ව සිටි බෙන් මැක්ඩෙමොට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගෙන පස්වැනි කඩුල්ල ලෙස දවා ගත්තේ චාමික කරුණාරත්න විසින්. 

දැවී යන විට අර්ධ ශතකයක් ද සමගින් මැක්ඩෙමොට් ලබා සිටි ලකුණූ ගණන 53ක්.

බිනුර ප්‍රනාන්දු විසින් හය වැනි කඩුල්ල දවා ගත්තා.

මැතිව් වේඩ් එල්ල කළ පහරක් මනරම් උඩ පන්දුවක් ලෙසින් නායක දසුන් ශානක රැකගත්තේ සියල්ලන්ම පුදුමයට පත් කරවමින්.

වේඩ් දැවී ගියේ ලකුණූ 04කට යි.

Image

එම කඩුල්ලෙන් පසුව එළැඹි මීලඟ පන්දුවේදීම මීලඟ කඩුල්ල ලෙස ආක්‍රමණශීලී පිතිකරු මාකස් ස්ටෝනිස්ව දවා ගන්නට බිනුර ප්‍රනාන්දු සමත් වුණා.

පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදී දැවී යන විට ස්ටෝනිස් ලබා සිටි ලකුණු ගණන 30ක්.

මිචෙල් ස්ටාක්ට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණ යි.

පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කරමින් දුෂ්මන්ත චමීර විසින් ඔහු දවාගත්තා.

නවවැනි කඩුල්ල ද දවා ගත්තේ චමීර විසින්ම යි.

පැට් කමින්ස් එල්ල කළ දැවැන්ත පහරක් චාමික කරුණාරත්න විසින් උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් ඔහු දැවී ගියා.

කමින්ස් හට ලබා ගත හැකි වූයේ ලකුණු 02ක් පමණ යි.

අසරණ වූ කැංගරුවන්

නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන්ට ලකුණූ 150 සීමාව හෝ පසු කර යාමට නොහැකි වීම විශේෂයෙන් කැපී පෙනුණා.

කඩුළු 09ක් දැවී ඔවුන් ලබා ගත්තේ ලකුනූ 149ක් පමණ යි.

මේ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලැබී ඇති ඉලක්කය ලකුණූ 150ක්.

ප්‍රබල ඔස්ට්‍රේලියා පිතිකරුවන් ලකුණූ 149කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණත් දක්ෂ පන්දු යවන බලඇණියක් ද ඔස්ට්‍රේලියාව සතු බැවින් ශ්‍රී ලංකාව වෙත ලැබී ඇති අභියෝගය තවමත් නිමා වී නැහැ.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිත යි.

තරගයේ තොරතුරු සඳහා ඒෂියන් මිරර් සමගින් රැඳී සිටින්න…

Rate this item
(2 votes)
Last modified on Friday, 11 February 2022 17:43