April 30, 2024

තරගය යළි ඇරඹෙයි: දැන් තත්ත්වය මෙන්න

February 11, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේවන විට පැවැත්වෙනවා.

09 වැනි පන්දුවාරය අතරතුර ඇදහැළුණු වර්ෂාවත් සමගින් තාවකාලිකව නවතා දැමුණු තරගය මීට සුළු මොහොතකට පෙර යළි ආරම්භ වූවා.

මෙම පුවත පළ කරන අවස්ථාව වන විට (පස්වරු 2.52) 10 වැනි පන්දුවාරය නිමා වූ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 75ක් ලබා සිටිනවා.

මේවන විට පන්දුවට පහර දෙමින් සිටින ජෝෂ් ඉංග්ලිස් ලකුණු 19ක් ලබා සිටින අතර බෙන් මැක්ඩෙමෝට් රැස් කරගෙන සිටින ලකුණු ගණන 45ක්.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.40ට ආරම්භ වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක යි.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඔස්ට්‍රේලියාවේ පළමු කඩුල්ල ලෙස නායක ඒරන් ෆින්ච් දැවී ගියා.

ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නාවන වනිඳු හසරංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනු යි ඔහු දැවී ගියේ.

දැවී යන විට ෆින්ච් ලබා සිටියේ ලකුණු 08ක් පමණ යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 15:58