May 08, 2024

ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට

 2022 එංගලන්තයේ බර්මිංහැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ , ක්‍රිකට් තරග සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ජයග්‍රහණය අත් කර ගත් චමරි අතපත්තු ඇතුළු ජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (26) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවැත්වුණා.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු ඇතුළත් වී සිටියා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

Rate this item
(0 votes)