April 29, 2024

ෂෙනුකි දිශාල්‍යා ලක්මව රනින් සරසවයි (PHOTOS)

December 29, 2021

තුර්කියේ – ඉස්තාන්බුල් හිදී පැවැත්වෙන Asian classic – Equipped Bench Press and Powerlifting Championships හි 47kg බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා ඊයේ සමත් වුණා.

ඒ, එම අංශයෙන් රන්පදක්කම් 04ක් සමඟින්.

රටවල් 19ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24 වන දින සිට 30වන දින දක්වා තුර්කියේ දී ආසියානු බර එසවීමේ ශූරතාවලිය පැවැත් වෙනවා.

එම සුවිශේෂි ජයග්‍රහණය සමඟ ම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද ඇය විසින්ම බිඳ හෙලනු ලැබුවා.

තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇති ව ආසියානු සවි එසවීමේ සම්මේලනය මඟින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

රටවල් 19ක් සහභාගිත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ දී මෙම ආසියානු සවි එසවීමේ ශූරතාවලිය පැවැත්වෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 December 2021 16:52