බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගයේ පළමු දිනය අද පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් කාසියේ වාසිය උරගා බැලීම හෝ තවමත් සිදු කිරීමට නොහැකි තත්ත්වයක ගාලු පිටිය පවතිනවා.
ඒ ඊයේ (28) රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ඇද හැලුණු අධික වර්ෂාව හමුවේ පිටිය තෙත බරිත වී තිබීම හේතුවෙන්.
ඒ අනුව මේවන විටත් පිටිය ආවරණ යොදා වසා දමා තිබෙනවා.
මෙම තත්ත්වය මත තරගය ඇරඹෙන මොහොතක් නිෂ්චිතව පැවසිය නොහැති බව යි ගාලු පිටියෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.
පිටිය මේවන විට දිස්වන්නේ පහත අයුරින්..
මේවන විට මෙම තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගය ලකුණූ 187කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමත් සමග යි.
නරඹන්න: කොදෙව්වන්ට අන්ත පරාජයක්! සිංහයෝ අඛණ්ඩ වාර්තාව රැකගත්තේ මෙහෙමයි!