වසර 2023 අයිසීසී විස්සයි20 ලෝක කුසලාන තරඟමාලාවට ආසියාවෙන් සුදුසුකම් ලබා දෙන තරඟාවලියට ක්‍රීඩා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා පිලට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ දෙදෙනකු එක් වී සිටිනවා.
කලක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩිකා චමනී සෙනෙවිරත්න සමඟ යොවුන් තුන්ඉරියව් ක්‍රීඩිකා කවීෂා එගොඩගේ එම ක්‍රීඩිකාවන් දෙදෙනයි.
වසර 14ක් ශ්‍රී ලංකා ජාතික කාන්තා පිල නියෝජනය කළ චමනී සෙනෙවිරත්න වසර 2017 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාන්තා ක්‍රිකට් පිලේ නිත්‍ය සාමාජිකාවක වන අතර, මේ වන විට එම කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වනවා.
2018 වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා පිල නියෝජනය කරන 18 හැවිරිදි කවීෂා එගොඩගේ කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙස කටයුතු කරන අතර, ඇය මීට වසර දෙකකට පෙර අන්තර්ජාතික අර්ධ ශතකයක් වාර්තා කළ ලොව ලාබාලතම ක්‍රීඩිකාව ලෙස වාර්තාවක් තැබීමට සමත් වූවා. ඒ වන විට ඇගේ වයස අවුරුදු 15කි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අයිසීසී විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට භූතානය, කුවේට්, මැලේසියාව, හොංකොං සහ නේපාලය ද ඇතුළත්වෙනවා.