May 03, 2024

ලෝක කුසලාන උපදේශක වූ මහේල ශ්‍රී ලංකා කණ්ඩායම හැර යයි

ශ්‍රී ලංකාව මේ වන විටත් විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපර් 12 වටයට තේරී අවසන්.

ඒ සුදුසුකම් ලැබීම සඳහා එක් තරඟයක්ද ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක්.

අවසාන තරඟය

ඒ අද (22) රාත්‍රියේ නෙදර්ලන්තයේ සමඟ සාජාහිදී පැවැත්වීමට නියමිත තරඟය.

මෙම තරඟයේ නිමාවත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට කණගාටුදායක පුවතක්ද ඇසීමට සිදු වනවා.

ඒ කණ්ඩායමේ උපදේශකවරයෙක් මෙන්ම දිරිගන්වන්නෙකු ලෙස එක් වූ මහේල ජයවර්ධන එම වගකීමෙන් සමුගැනීමට නියමිත නිසා.

වගකීම පැවරූ කාලය

මහේලට එම වගකීම පවරා තිබුණේ මූලික සුදුසුකම් ලැබීමේ වටය තරඟ සඳහා පමණයි.

මේ සම්බන්ධයෙන් මහේල ජයවර්ධනද එක්තරා ජාතික පුවත්පතක් අමතා සඳහන් කර තිබෙන්නේ අද (22) තරගයෙන් පසු වූ තමාට කණ්ඩායමෙන් සමුගැනීමට සිදුවන බවයි.

ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුව

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ඇති කරගත් පූර්ව එකඟතාවයට පරිබාහිරව කිසිවක් මෙතෙක් සිදුව නැති නිසා බවයි මහේල ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මහේල ජයවර්ධන තරගාවලියේ වැදගත්ම කාල පරිච්ඡේදය වන ලෝක කුසලාන තරග කාලය තුළද ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටීම කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු වී ඇති බවත් වාර්තා වනවා.

එංගලන්තය , ඕස්ට්‍රේලියාව , දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් ඇතුළු ප්‍රබල රටවල් රැසක් ඇතුළත් කාණ්ඩයටයි සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 14:29