May 04, 2024

ක්‍රිකට් ලෝලීන්ට සුභ ආරංචියක් : මහේල ජයවර්ධනත් ජාතික පිලට

September 25, 2021

මහේල ජයවර්ධන මේ වන විට ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙසයි කටයුතු කරන්නේ.

එම සභාව පත් කළේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා.

තවත් වගකීම් දෙකක්

ඔහුට ඊට අමතරව තවත් වගකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවරා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙස.

ඒ පත්වීමත් සමග මහේල ජයවර්ධනට සිය පළමු වගකීම ඉටුකිරීමේ අවස්ථාව එළඹ තිබෙනවා.

පළමු වගකීම

ඒ එළැඹෙන මස ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී.

එහිදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතයි.

එම තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ.

පුහුණුකරු ධුරය

මේ වන විටත් මහේල ජයවර්ධන සිටින්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ.

ඒ මේ වන විට එම රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට (IPL) සහභාගී වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි.

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගන්නා ලෙස මහේල ජයවර්ධනගෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කළ බවත් එය ඔහු ප්‍රතික්ෂේප කළ බවත් මීට ටික දිනකට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 25 September 2021 15:31