April 26, 2024

2019වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ අරුම පුදුම වැඩ 05ක්

ගෙවුණු මාස 10 තුළ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කළ ඇතැම් සිදුවීම් ලෝක ක්‍රිකට් විචාරකයින් අවධානයට යොමු වී තිබේ. මේ ඒ සම්බන්ධයෙන් කෙරෙන දිග හැරුමකි.

කුසල් ජනිත් පෙරේරාගේ වික්‍රමය

දකුණු අප්‍රිකාව සමඟ ඩර්බන් හීදි පැවැති දෙවන ටෙස්ට් තරගයේ අවසන් ඉනිමේ ලකුණු 304ක ජයග්‍රහණයක් හබා ගිය ශ්‍රී ලංකා පිළේ නවවැනි කඩුල්ල 226 දී දැවී ගියේය. ලකුණු 78ක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය විය. අවසන් කඩුල්ලට කුසල්ට එකතු වූ විශ්ව ප්‍රනාන්දු ලකුණු 304 ජයග්‍රාහී ඉලක්කය පහුකර ගියේ දකුණු අප්‍රිකානුවන් පමණක් නොව ලෝක අන් ක්‍රිකට් ලෝලීන්ද අන්දමන්ද කරමිනි.

එහිදී කුසල් නොදැවී ලකුණු 153ක් රැස් කළ අතර ඊට පෙර ඔහු ලබා සිටියේ එක් ටෙස්ට් ශතකයක් පමණි. ඒ සිම්බාවේ පිළට එරෙහිවයි. කුසල්ගේ මෙම ඉනිම ශ්‍රී ලාංකීක පිතිකරුවෙකු සිය වසර 37ක ටෙස්ට් ඉතිහාසයේ ක්‍රීඩා කළ ඇදහිය නොහැකි ඉනිමක් ලෙස විචාරකයින් හඳුන්වයි. එහිදී විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 06ක් පමණ ලබා ගත්තේය.

මැතිව්ස්ගේ පැයට කි.මී 115 පන්දුව

ලෝක කුසලාන මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ඕවර් 03ක දී ලකුණු 31ක් රැස් කර ගත යුතුව තිබුණි. එහිදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ තීන්දුවක් ගත්තේ ය. ඔහු මාස 08කින් පන්දුවක් යවා නැති ඇන්ජලෝ මැතිව්ස්ට පන්දුව බාර දුන්නේය.

පැයට කි.මී. 115ක වේගයකින් යැවූ පන්දුවකින් ඒ වනවිට ලකුණූ 118ක් ලබා බටහිර ඉන්දීය කොදෙව් පිළ ජයග්‍රහණය කරා ගෙන යමින් සිටි නිකලොස් පූරාන් දැවී ගියේ කඩුළු රකින්න අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. එම පන්දුව මුළු තරගයේ ම යැව් දුර්වලම පන්දුව වූ අතර අවස්ථා 100කින් 99ක දීම එම පන්දුවට කවර් ප්‍රදේශය හරහා 04 සීමාව කරා පහරක් එල්ල කිරීමට හැකි බව විචාරකයින්ගේ මතය විය.

ක්‍රීඩා ඇමතිගේ නාඩගම

ශ්‍රී ලංකා රජයේ ක්‍රීඩා ඇමතිවරයාට ප්‍රධාන පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ පිළිබඳව කැමැත්තක් නොතිබුණි. හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ජයග්‍රහණ මට්ටම යම් ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සමත් වූවද ඔහු ලබන ඉහළ වැටපුට ප්‍රමාණවත් නොවන බව ක්‍රීඩා ඇමතිගේ අදහස විය.

හතුරුසිංහට ඉහළ වැටුපක් ගෙවීමට එකඟ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කමිටු නිලධාරීන් විසින්ම ඇමතිගේ කීමට හතුරුසිංහගේ වැඩ ලෝක කුසලානයේ පසු තහනම් කරන ලදී. ඒත් එම කමිටුවේම එක් නිලධාරීයෙක් හතුරුසිංහට ඉතා වාසිදායක ලෙස සකස් කර තිබූ ගිවිසුමට අත්සන් කර තිබුණි. මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට හතුරුසිංහගේ වැඩ තහනම් කිරීමට නොහැකි වූ අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නීතිඥවරුන්ගේ සහය පැතීමටද සිදුවිය. එහෙත් ඉන් හතුරුසිංහට තමන් ලබන ඉහළ වැටුපට බාධාවක් එල්ල නොවීය.

20-20 ලෝක ශූරයන් අසරණ කිරීම

ශ්‍රී ලංකාව 2014 වසරේ 20-20 ලෝක ශූරයන් වූවද ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී විය යුතුව ඇත. ඊට හේතුව එම තරගාවලියට නිරායාසයෙන් ම සුදුසුකම් ලැබීමේ ශ්‍රේණිගතවලින් ශ්‍රී ලංකාව පහළට වැටී සිටිමයි.

වත්මන් 20-20 ලෝක ශූරයන් මෙන්ම අංක 1 ලොව 20-20 ශූරයන් ද වන පාකිස්ථානය සමඟ තරගාවලියකට ශ්‍රී ලංකාව යන ලදී. ආරක්ෂක හේතුන් මත ශ්‍රී ලංකා පිළේ ජ්‍යෙෂ්ඨයින් තරගාවලියෙන් ඉවත් විය.  20-20 තරග 10කට අඩු සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 07 දෙනෙකු සංචිතයට ඇතුළත් විය. එහෙත් කිසිවෙකු නොවූ පරිද්දෙන් අඩු අත්දැකීම් ඇති ශ්‍රී ලංකා පිළ අත්දැකීම් බහුල පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත්කරන ලදී. පළමු තරගය ලකුණු 64කින් ද, දෙවන තරගය ලකුණු 34කින් දතෙවන තරගය ලකුණු 13කින් ද, ජයගත් ශ්‍රී ලංකා අත්දැකිම් අඩු පිලේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ භානුක රාජපක්ෂය ඒ වනවිට ඔහු කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොතිබුණි. ඔහුගේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ වාර්තාද ඒ තරම් හොඳ මට්ටමකද නොතිබුණි.

ලෝක කුසලානයේ කළ පෙරළිය

මෙවර ලෝක කුසලානයේ දී ලෝක ශූරයන් වූ එංගලන්ත පිළේ නායක ඔයින් මොර්ගන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයක් හරිහැටි තේරුම් නොගැනීම නිසා දුන් උත්තරයක් විය. ශ්‍රී ලංකා කණ්ඩායමට නවකයින් 10 දෙනෙකු ඇතුළත් බවත් ඔවුන්ගේ සමඟ තමා කිසිම දිනක ක්‍රීඩා කර නොමැති බවත් මේ නිසා ඔහු එහිදී සඳහන් කළේය.

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයක් ලබා ඇෆ්ගනිස්ථාන තරගයෙන් යාන්තම් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාර එංගලන්තය පරාජය කළේ ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයේ තරගවලදී කළ විශිෂ්ඨතම පෙරළියක් ලෙසිනි. ශ්‍රී ලංකා කඩුළු 09කට ලකුණූ 232ක් ලබා ගත් අතර එම ඉලක්කය හබා ගිය එංගලන්තයේ සියලු ක්‍රීඩකයන් ලකුණු 212කට දැවී ගියේය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 October 2019 13:17